ලක්ෂ 35 ක දිනක එළවළු සැපයුම ලක්ෂය දක්වා අඩුවෙයි.

Thursday, 15 January 2015 - 8:12

%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+35+%E0%B6%9A+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%9A+%E0%B6%91%E0%B7%85%E0%B7%80%E0%B7%85%E0%B7%94+%E0%B7%83%E0%B7%90%E0%B6%B4%E0%B6%BA%E0%B7%94%E0%B6%B8+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%85%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.
ආර්ථික මධ්‍යස්ථානවලට ලැබෙන එළවළු ප්‍රමාණය මේ වනවිට කැපී පෙනෙන ලෙස අඩුවී ඇති බව එම මධ්‍යස්ථාන පවසනවා. පසුගිය කාලයේදී දිනකට එළවලූ කිලෝග්‍රෑම් ලක්ෂ 35 ක් පමණ ලැබුණු අතර මේ වනවිට එය ලක්ෂය දක්වා අඩුවී ඇති බවයි වාර්තාවන්නේ. දේශීයව වගා කෙරුණු අල, ලොකු ළුෑණු සහ වට්ටක්කා හැරෙන්නට ආර්ථික මධ්‍යස්ථානවලට අනෙකුත් කිසිදු එළවළු වර්ගයක් නොලැබෙන බවයි ආර්ථික මධ්‍යස්ථානවල කළමනාකරන භාරයන් පෙන්වා දෙන්නේ. තවමත් එළවළු කිලෝග්‍රෑමයක සාමාන්‍ය මිල රුපියල් 200 ත් 300 ත් අතර මිලක පවතිනවා. මෙම තත්ත්වය ලබන මාසය වනතුරු පැවතිය හැකි බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු සහ පර්යේෂණ ආයතනය සඳහන් කළා.