මොබිටෙල් කෑෂ් බොනෑන්සා 2014 වසරේ අවසන් කාර්තුවේ ජයග්‍රාහකයින් ප්‍රකාශයට පත් කරයි.

Monday, 02 February 2015 - 15:28

%E0%B6%B8%E0%B7%9C%E0%B6%B6%E0%B7%92%E0%B6%A7%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%91%E0%B7%82%E0%B7%8A+%E0%B6%B6%E0%B7%9C%E0%B6%B1%E0%B7%91%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%8F+2014+%E0%B7%80%E0%B7%83%E0%B6%BB%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%A2%E0%B6%BA%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B7%84%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92.
නොවැම්බර්, දෙසැම්බර් සහ අවසන් කාර්තු දිනුම් ඇදීම්  තුළින් රුපියල් මිලියන 13ක මුදල් ත්‍යාග පිරිනමයි.

2014 නොවැම්බර්, දෙසැම්බර් සහ අවසන් කාර්තු දිනුම් ඇදීම්  තුළින් ජයග්‍රාහකයින් 18 දෙනෙකු වෙත රුපියල්  මිලියන 13ක මුදල් ත්‍යාග පිරිනමමින් මොබිටෙල් කෑෂ් බොනෑන්සා අවසන් මහා දිනුම් ඇදීම නිමාවට පත් වෙයි. එම හිතවත් මොබිටෙල් පාරිභෝගිකයින් වෙනුවෙන් ඔවුන්ට හිමි ත්‍යාග මුදල් පිරිනැමීම අද දිනයේ (2015 ජනවාරි මස 29වැනි දින* සිදු කෙරිණි.

කෑෂ් බොනෑන්සා 2014 සිව්වන කාර්තුව අවසානයේ ඔක්තෝබර්, නොවැම්ර් සහ දෙසැම්බර් යන මාසයන්හි දිනුම් ඇදීමෙන් රුපියල් මිලියන 2.5 ජයග්‍රාහකයන් 2 දෙනෙකු බිහිවිය. එමෙන්ම නොවැම්බර් මාසය සදහා සිදුකළ දිනුම් ඇදීමෙන් රුපියල් ලක්ෂ පහ බැගින් පිරිනැමෙන ජයග්‍රාහකයින් අට දෙනෙකු සහ දෙසැම්බර් මාසයේ දී ද එවැනිම ජයග්‍රාහාකයින් 8 දෙනෙකු තෝරා ගැනීම ද  සිදු කෙරිණි.

2014 වසරේ අවසන් කාර්තුවේ මහා දිනුම් ඇදීමෙන් පිරිනැමෙන පළමු ත්‍යාග වන රුපියල් මිලියන 2.5ක මුදල පෙරගෙවුම් කාණ්ඩය යටතේ ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි ඊ.කේ. ප්‍රේමදාස මහතා දිනා ගැනීමට සමත් වූ අතර පසුගෙවුම් කාණ්ඩය යටතේ රුපියල් මිලියන 2.5 මුදල් ත්‍යාගය සඳහා හිමිකම් කියනු ලැබුවේ රුක්ගහවෙළ පදිංචි එස්.පී.ඒ.එච්. ජයතිලක මහතාය.

මාසික දිනුම් ඇදීම් යටතේ නොවැම්බර් මාසයේ දී පැවති දිනුම් ඇදීම් හරහා රුපියල් ලක්ෂ පහ බැගින් පිරිනැමුණු මුදල් ත්‍යාග සදහා පෙර ගෙවුම් කාණ්ඩය යටතේ තෝරාගත් ජයග්‍රාහකයින් අතරට තොඩුවාව පදිංචි එල්.එන්.අයි. ප්‍රනාන්දු, අටකලම්පන්න පදිංචි ජී.ඩබ්ලියු.බී.ආර්. සම්පත්, පල්ලේබැද්ද පදිංචි වී. සිසිර කුමාර, බදුල්ල ප්‍රදේශයේ පදිංචි ආර්.එම්.ඞී.සී. රත්නායක, මුල්ලේරියාවේ පදිංචි ටී.ඒ.ආර්.එච්. සිරිවර්ධන යන මහත්වරුන් ඇතුළත් විය. ඇහැළියගොඩ පදිංචි එච්.එම්.කේ.ඞී. විෙඡ්පාල, අඹගහවත්ත පදිංචි ඩබ්ලියු.ඒ.ඒ. සමරවික්‍රම යන මහත්වරුන් සහ අකුරැස්ස පදිංචි ඒ.බී. වීරසිංහ මහත්මිය පසුගෙවුම් කාණ්ඩය යටතේ එම මාසය තුළ රුපියල් ලක්ෂ පහ බැගින් වූ මුදල් ත්‍යාගයට හිමිකම් කියනු ලැබීය.

2014 දෙසැම්බර් මාසයේ දී මාසික දිනුම් ඇදීම් හරහා බිහිවූ රුපියල් ලක්ෂ පහේ ජයග්‍රාහකයින් අතරට පෙරගෙවුම් කාණ්ඩය යටතේ පොල්ගහවෙල පදිංචි එල්.කේ.ආර්.එස්.පී. ගුණසේකර, මහරගම පදිංචි ජී.ඒ. ජයන්ත කුමාර, පාලමුත්තු හි ඒ.ඩබ්ලියු.පී. කැලූම් චතුරංග, කුරුණෑගල පදිංචි කේ.ජී.සී.ඞී. වීරකෝන් සහ හෙයියන්තුඩුව පදිංචි ජී.ඒ.සී. ප්‍රියංගිකා යන මහත්ම මහත්මීන් එක්විය. ඊට අමතරව ජයග්‍රාහකයින් බවට හඹුරුගල එල්.එස්. ජානක, දෙහිඅත්තකණ්ඩිය පදිංචි කේ.එම්.එල්.කේ.ජී.ටී. බණ්ඩාර සහ කුරුණෑගල පදිංචි කේ.එම්.පී.බී. කෝනාර යන මහත්වරුන් විසින් පසුගෙවුම් කාණ්ඩය යටතේ රුපියල් ලක්ෂ පහේ මුදල් ත්‍යාගයට හිමිකම් කියන ලදී.

2014 වසරේ දී මොබිටෙල් කෑෂ් බොනෑන්සා හරහා රුපියල් මිලියන 150ක ත්‍යාග මුදල් පිරිනැමුනු අතර එය 2015 වසරේ දී රුපියල් මිලියන 230ක ත්‍යාග මුදලක් සිය පාරිභෝගිකයින් අතරේ බෙදා හැරීමට සූදානමින් සිටියි. ඒ අනුව 2015 වසරේ දී කෑෂ් බොනෑන්සා මඟින් සෑම මිනිත්තුවකම, දෛනිකව, සතිපතා සහ මාස්පතා සිදුකරන දිනුම් ඇදීම් හරහා පාරිභෝගිකයින් 526,149 දෙනෙකු අතරේ එම මුදල් සම්භාරය බෙදා හැරීම මොබිටෙල් සමාගමේ අපේක්ෂාවයි. ඊට අමතරව සෑම කාර්තුවකම සිදුකරන මහා දිනුම් ඇදීම් හරහා සඳහා ජයග්‍රාහකයින් සිව් දෙනෙකු වෙත රුපියල් මිලියන 2.5 බැගින් මුදල් ත්‍යාග පිරිනැමෙනු ඇත.

දෛනිකව මුදල්  ජයග්‍රහණය කරන පාරිභෝගිකයින්ට සිය මොබිටෙල් ජංගම දුරකථනය මගින් 111 ඇමතීමෙන් සහ අදාළ පියවර අනුගමනය කිරීමෙන් ‘‘එම් කැෂ්’’ ගිණුමක් ආරම්භ කරගත හැකි අතර එම ජයග්‍රාහී මුදල් එම ‘‘එම් කැෂ්’’ ගිණුමට බැරකෙරේ.  කෑෂ් බොනෑන්සා සතිපතා දිනුම් ඇදීම පිළිබද වැඩිදුර තොරතුරු 151 ඇමතීමෙන් ලබාගැනීමේ හැකියාව පවතී. දිනුම් ඇදීම් හරහා බිහිවන ජයග්‍රාහකයින්ට සිය ජයග්‍රාහණය පිළිබද 071 27 55 777 යන මොබිටෙල් පාරිභෝගික සේවා ක්ෂණික ඇමතුම් අංකය මඟින් හෝ තැපැල් මඟින් පමණක් දැනුම් දෙනු ලැබේ.

\"\"

\"\"