ස්විස් බැංකුවේ හෙළි වූ රහස් ගිණුම් වල ලංකාවේ අයත් සිටීද ?

Monday, 09 February 2015 - 15:37

%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B6%E0%B7%90%E0%B6%82%E0%B6%9A%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92+%E0%B7%80%E0%B7%96+%E0%B6%BB%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%9C%E0%B7%92%E0%B6%AB%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B7%80%E0%B6%BD+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%85%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%93%E0%B6%AF+%3F
ස්විස් බැංකුවල රහසිගත ලෙස ගිණුම් පවත්වාගෙන ගිය රටවල් 203කට අයත් පුද්ගලයින් ලක්ෂයකට අධික පිරිසකගේ නම් හෙළිදරව් වී තිබේ.

මෙම ගිණුම් අතර ඉන්දීය දේශපාලනඥයින්, ව්‍යාපාරිකයින් ඇතුළු 1195 දෙනෙකුගේ ගිණුම්  ඇති බව ඉන්දීය මාධ්‍ය අනාවරණය කර තිබේ.

2006 හා 2007 වසරවලදී එම ගිණුම්වල අමෙරිකානු ඩොලර් බිලියන 100කට අධික මුදලක් තැන්පත් කර තිබූ බව අදාළ වාර්තාව හෙළි කරයි.

පසුගිය ඔක්තෝබර් මාසයේදී ඉන්දීය රජය විසින් විදේශීය බැංකු ගිණුම් හිමි ඉන්දීය ජාතිකයින් 627 දෙනෙකුගේ නම් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කළ අතර ඉන් 250 දෙනෙකු ස්විස් ගිණුම්වල රහසිගත ගිණුම් පවත්වාගෙන යන බව පිළිගෙන ඇති බව ඉන්දීය මුදල් අමාත්‍යවරයා සඳහන් කරයි.

මෙහි ඇති විශේෂිතම දේ වනුයේ ලොව මිල අධික ම නිවසේ හිමිකරු වන මුම්බායි ඉන්දීයන්ස් ක්‍රිකට් කණ්ඩායමේ හිමිකරු මුකේෂ් අම්බානි ද මෙම බැංකු ගිණුම් පවත්වා‍ ගෙන යන බවට චෝදනා ලැබ ඇති පුද්ගලයින් අතර වන බව මාධ්‍ය වාර්තාවල දැක්වීමයි.