ලංකාව ලබාගත් ණයට සහනයක්

Sunday, 22 February 2015 - 9:10

%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B7%84%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ලබාගත් ඩොලර් බිලියන 2 යි දශම 6 ක ණය මුදල නැවත ගෙවීමේ සහනයක් ලබාගැනීමට ශ්‍රී ලංකාව සමත්වනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙනවා. ඒ සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය රවී කරුණානායක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්‍ෂිකා ක්‍රිස්ටීන් ලගාඞ් සමග නිව්යෝක් නුවරදී සාකච්ඡා පැවැත්වූවා. පසුගිය අගෝස්තු මාසයේ සිට මෙරට විදේශ මුදල් සංචිත ඩොලර් බිලියන එකයි දශම 5 කින් පහත වැටී ඇත්තේ මූල්‍ය අරමුදලේ ණය වාරික ආපසු ගෙවීම හේතුවෙන්.  පසුගිය වසරේදී ශ්‍රී ලංකාව මූල්‍ය අරමුදලට ගෙවූ ණය වාරික වටිනාකම ඩොලර් මිලියන 688 ක්. මේ වසරේදී එලෙස ගෙවිය යුතු වාරිකය ඩොලර් මිලියන 497 කට ආසන්නයි.  

ගෙවුම් ශේෂයට බලපාන මෙම ණය වාරික ආපසු ගෙවීමේදී සහනයක් ලබාදෙන ලෙස මුදල් අමාත්‍යවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සුබවාදී ප්‍රතිචාරයක් දක්වනු ඇති බවයි ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ. ඉදිරියේදී ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 4 ක නව ණය මුදලක් ලබාගැනීමට අපේක්ෂා කරන බව වාර්තාවුණා. ඒ, වැඩි පොලී මත ලබාගෙන ඇති වෙනත් ණය ප්‍රතිසංවිධානය කිරීමේ අරමුණින්.