ආර්ථික මධ්‍යස්ථාන ප්‍රතිව්‍යුහගත වෙයි

Saturday, 07 March 2015 - 9:25

%E0%B6%86%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B7%92%E0%B6%9A+%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%94%E0%B7%84%E0%B6%9C%E0%B6%AD+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
දිවයින පුරා පිහිටි ආර්ථික මධ්‍යස්ථාන ප්‍රතිව්‍යුහගත කිරීමට අාහාර සුරක්ෂිතතාව පිළිබඳ අමාත්‍යාංශය සූදානම් වනවා. එමගින් එම මධ්‍යස්ථානවල මේ වන විට පවතින වෙළඳ ඒකාධිකාරය ඉවත් කිරීම, අදාළ මධ්‍යස්ථාන පරිශ්‍ර නවීකරණය කිරීම ඇතුළු කටයුතු රැසක් සිදුවනු ඇති. මීට අමතරව ආර්ථික මධ්‍යස්ථානවල වෙළඳ සංගම්වල වාර්ෂික නිළවරණ පැවැත්වීම අනිවාර්ය කිරීමට ද මේ යටතේ සූදානම් බවයි එම අමාත්‍යාංශය සදහන් කළේ.