පළතුරු උඩ යයි

Sunday, 22 March 2015 - 19:04

%E0%B6%B4%E0%B7%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%8B%E0%B6%A9+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
පවතින වියළි කාලගුණ තත්ත්වයත් සමඟ වෙළඳපොලේ මේ වනවිට පළතුරු මිල ගණන් සීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබෙනවා. දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය සඳහන් කළේ පැපොල්, කොමඩු, කෙසෙල් සහ දේශීය දොඩම් වැනි පළතුරු මෙලෙස ඉහළ ගොස් ඇති බවයි. එම පළතුරු කිලෝග්‍රෑමයක මිල රුපියල් 100 ත් 150 ත් අතර මිලක් දක්වා ඉහළ ගොස් ඇති බවයි ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරණභාරය සඳහන් කළේ. ප්‍රදේශ ගණනාවකට බලපා ඇති වියළි කාලගුණයත් සමඟ පළතුරු නිෂ්පාදනය අඩුවී තිබෙනවා. මේ හේතුවෙන් වෙළඳපොලට ලැබෙන පළතුරු අඩුවීම නිසා මිල ඉහළ ගොස් ඇති බවයි වෙළඳපොල ආරංචි මාර්ග සඳහන් කළේ. එමෙන්ම, එළඹෙන උත්සව සමය ඉලක්ක කර ගනිමින් කෙසෙල් වැනි පළතුරු තොග වෙළෙන්දන් වැඩි මිලට අලෙවි කරන බවට ද තොරතුරු වාර්තා වී ඇති බවයි පාරිභෝගික අධිකාරිය පෙන්වා දුන්නේ.