තේ, කිරි තේ, ආප්ප උපරිම මිල ගැසට් කිරීමට තීරණය කරයි

Monday, 23 March 2015 - 9:16

%E0%B6%AD%E0%B7%9A%2C+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%AD%E0%B7%9A%2C+%E0%B6%86%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4+%E0%B6%8B%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B6%B8+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%9C%E0%B7%90%E0%B7%83%E0%B6%A7%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
තේ, කිරි තේ සහ ආප්ප තවමත් පැරණි මිලටම අලෙවි කරන්නේ නම්, එය නීතියක් ලෙස ගැසට් මගින් පළ කිරීමට සිදුවන බව පාරිභෝගික සේවා අධිකාරිය පවසනවා. තේ කෝප්පයක් රුපියල් 10ක මිලකටත්, කිරි තේ කෝප්පයක් රුපියල් 25ක මිලකටත්, ආප්පයක් රුපියල් 10ක උපරිම සිල්ලර මිලකටත් අලෙවි කළ යුතු බවට මීට පෙර පාරිභෝගික සේවා අධිකාරිය ප්‍රකාශ කළා.

නමුත්, තවමත් ආපන ශාලා හිමියන් ඒවා පැරණි මිලටම අලෙවි කරන බවට නිරන්තරයෙන් පාරිභෝගිකයන්ගෙන් පැමිණිලි ලැබෙන බවයි  පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති රූමි මර්ෂුක් හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.  

අය වැයෙන් අඩු වූ භාණ්ඩ මිලත් සමඟ තේ කෝප්පයක් රුපියල් 5කට වැනි මුදලකට වුවද පාරිභෝගිකයින්ට ලබාදීමේ හැකියාව පවතින බවයි  පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති රූමි මර්ෂුක් වැඩිදුරටත් සඳහන් කළේ.


අයවැය හිඟය විශාල ලෙස පුළුල්වන බවට පළවන වාර්තා මහ බැංකුව ප්‍රතික්ෂේප කරයි
Sunday, 02 August 2020 - 9:28

මේ වසරේ මෙරට දළ දේශීය නිෂ්පාදිතය සංකෝචනය වන බවට සහ අයවැය හිඟය... Read More

ජූලි මාසයේ උද්ධමනය ඉහළට
Saturday, 01 August 2020 - 20:01

පසුගිය ජූලි මාසයේ මෙරට වාර්ෂික උද්ධමනය සියයට 4. 8 දක්වා සුළු... Read More

කොළඹ කොටස් වෙළඳපොළ වර්ධනයක්
Saturday, 01 August 2020 - 7:48

කොළඹ කොටස් වෙළදපොළේ මිල දර්ශක ඊයේ නැවතත් වර්ධනයක් පෙන්නුම්... Read More