සුපිරි GALAXY S6 ලංකාවට එයි

Friday, 27 March 2015 - 16:58

%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92+GALAXY+S6+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%91%E0%B6%BA%E0%B7%92
සැම්සන්ග් පාරිභෝගිකයින් මෙතෙක් නොඉවසිල්ලෙන් බලාපොරොත්තු වූ GALAXY S6 සහ GALAXY S6 edge ස්මාර්ට්ෆෝන්, සැම්සන්ග් සමාගම විසින් ශ්‍රී ලාංකික වෙළඳපොළට හඳුන්වාදී තිබේ. ලෝහ සහ වීදුරු ඇසුරින් මෙන්ම උසස්තම සැම්සන්ග් තාක්‍ෂණය එකට මුසු කරමින් නිමවා ඇති GALAXY S6 සහ GALAXY S6 edge ජංගම දුරකතනයේ ආනාගතය මනාව පිළිඹිබු කරයි. නව දුරකථන හඳුන්වාදීම තුළින් ශ්‍රී ලාංකික පාරිභෝගිකයින්ට අසමසම වූ ස්මාර්ට්ෆෝන් අත්දැකීමක් මෙන්ම ජාත්‍යන්තර ජංගම දුරකතන ක්‍ෂේත්‍රයේ නව ප්‍රමිතීන් ස්පර්ශ කිරීමටත් අති නවීන නිර්මාණයක් අත්හදා බැලීමටත්, ශක්තිමත් ජාලයක් හා සම්බන්ධ වීමටත් මෙන්ම නව්‍ය වූ සේවාවන් අත්දැකීමටත්  අවස්ථාව උදා වේ.
S6 අද ලෝකයේ ප්‍රබලතම ස්මාර්ට්ෆෝන් එක බවට පත් කළ මෘදුකාංග සහ මෝඩම් ප්‍රෝසෙසර් නිර්මාණය කිරීමට දායක වූ ඉංජිනේරුවන් කිහිපදෙනා අතරට සැම්සුන් ශ්‍රී ලංකා පර්යේෂණ සහ සංවර්ධන කණ්ඩායම ද සම්බන්ධ විය. HDR, Out focus, Virtual Shot සහ Video highlights ඇතුළු විශේෂාංග සහිතව S6 හි කැමරාව වැඩිදියුණු කිරීමට බහුමාධ්‍ය පිළිබද ප්‍රවීණ ඉංජිනේරුවන්ගේ සහාය  හිමි වී තිබේ.
මීට අමතරව ජාත්‍යන්තර පර්යේෂණ සහ සංවර්ධන කණ්ඩායම විසින් අන්තර්ජාල බ්‍රවුසරයේ සැලකිය යුතු කොටසක්, පෞද්ගලික තේමාවන් සහ මෘදුකාංග සඳහා LTE සහ Wi-Fi සමගින් එක් වූ ඩවුන්ලෝඞ් බූස්ටර් වැඩිදියුණු කර නිර්මාණය කර තිබේ.

Samsung GALAXY S6 මිල රු 114,990ක් වන අතර GALAXY S6 edge  134,990කට ලබාගත හැකිය.

Samsung GALAXY S6 & GALAXY S6 edge විශේෂාංග

\"\" \"\"

\"\"

\"\"