ආනයනික අර්තාපල් සහ ලොකු ළූණු මත පැනවූ බදු වැඩි කර තිබෙනවා. මුදල් අමාත්‍යාංශය සදහන් කළේ දේශීය ගොවීන්ගේ නිෂ්පාදනවලට නිසි මිලක් ලබාදීම සදහා මෙම පියවර ගත් බවයි. ඒ අනුව ආනයනික අර්තාපල් කිලෝග්‍රෑමයක් මත පනවා තිබූ රුපියල් 40ක ආනයනික බද්ද රුපියල් 55 දක්වා රුපියල් 15කින් වැඩි කර තිබෙනවා. ලොකු ළූණු මත පනවා තිබූ රුපියල් 10ක ආනයනික බද්ද රුපියල් 30 දක්වා රුපියල් 20කින් වැඩි කළ බවයි මුදලා අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.