ඉන්ධන මිල වැඩි නොකරන බව රජය අවධාරණය කරයි

Friday, 08 May 2015 - 13:19

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%B1%E0%B7%9C%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA+%E0%B6%85%E0%B7%80%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඉහළ යෑම නිසා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට සිදුව ඇති පාඩුව පියවා ගැනීමට මහා භාණ්ඩාගාරයේ සහය අපේක්ෂා කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය අවධාරණය කළා. කෙසේ වෙතත්, මේ හේතුවෙන් ඉන්ධන මිල ඉහළ දැමීමට අපේක්ෂා නොකරන බවයි එම අමාත්‍යාංශය කියා සිටියේ. පහළ වැටෙමින් පැවති ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල පසුගිය සතියේ නැවතත් ඉහළ යාමේ ප්‍රවණතාවක් පෙන්නුම් කළා. ඒ අනුව, ඇමෙරිකානු වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 61 දක්වාත්, බ්‍රිතාන්‍ය වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 68 දක්වාත් ඉහළ ගොස් ඇති බවයි වෙළඳපොල ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ. මේ වනවිට වාර්තා වන්නේ 2015 වසරේ වැඩිම තෙල් මිලයි.