රුපියලේ අගය ඉහළට

Saturday, 16 May 2015 - 13:26

%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%9A+%E0%B6%85%E0%B6%9C%E0%B6%BA+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
කොටස් අයෝජනයට සම්බන්ධ ඩොලර් ගලනය හේතුවෙන් රුපියලේ අගය ඉහළ යාමක් ඊයේ දක්නට ලැබුණා. ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ශත 10කින් අධිප්‍රමාණවීමට මහබැංකුව ඉඩ සැලසූ අතර, ඊට සමාන ප්‍රමාණයක් සඳහා පසුගිය බදාදා දිනයේදී ද අවස්ථාව හිමි වුණා. පසුගිය අප්‍රේල් 30 වන දා සිට රුපියලේ අගය ශත 60ක් දක්වා අවප්‍රමාණවීමට මහබැංකුව ඉඩ සලසා තිබුණා. එහෙත් පසුගිය සතිය තුළ එම තත්ත්වයේ වෙනස්වීමක් දක්නට ලැබුණු බවයි මූල්‍ය වෙළදපළ විශ්ලේෂකයන් පෙන්වා දුන්නේ. ඇතැම් විදේශීය ආයෝජකයන් මිලදී ගත් මෙරට භාණ්ඩාගාර බිල්පත් සහ කොටස් විකිණීම ද රුපියලේ අගය කෙරෙහි ඍජුවම බලපාන කරුණක්. පසුගිය මැයි 13 වන දායින් අවසන් වූ සතිය තුළ විදේශීය ආයෝජකයන් මිලදී ගෙන තිබූ ඩොලර් බිලියන 2.1ක භාණ්ඩාගාර බිල්පත් අලෙවි කර තිබෙනවා. කෙසේ නමුත්, ඊයේ දිනය අවසන් වන විට ඇමරිකානු ඩොලරයකට එරෙහිව රුපියලේ අගය සටහන් වූයේ රුපියල් 133යි ශත 30ක් ලෙසයි.