චීනයේ මූල්‍ය වෙළඳපළ තවදුරටත් කඩා වැටේ

Tuesday, 25 August 2015 - 13:41

%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B7%96%E0%B6%BD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B6%B4%E0%B7%85+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%A9%E0%B7%8F+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%9A
ලෝක ආර්ථිකයේ අර්බුදකාරී තත්ත්වය තවදුරටත් තියුණු කරමින් චීනයේ මූල්‍ය වෙළඳපළ අද තවදුරටත් කඩා වැටීමක් පෙන්නුම් කළා. 2007 වසරෙන් පසු චීන මූල්‍ය වෙළඳපළ ඇති වී තිබෙන විශාලතම අවගමනය මෙය බවයි වෙළඳපළ විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ. ෂැංහයි කොටස් වෙළඳපළ අද තවත් 6% කින් පහත වැටුණේ ඊයේ දිනයේ වාර්තා වූ 8.5%ක අවගමනයෙන් අනතුරුවයි. ලොව දෙවන විශාලතම ආර්ථිකය හිමි චීනයේ මූල්‍ය වෙළඳපළ පහත වැටීම ලොව පුරා අනෙකුත් මූල්‍ය වෙළඳපළ කෙරෙහි ද දැඩි බලපෑමක් සිදුකරනවා. ඇමරිකා එක්සත් ජනපදයේ ඩව් - ජෝන්ස් මූල්‍ය දර්ශකය ඊයේ දිනයේ 3.58%කින් පහත වැටුණු අතර, ආසියාකරයේ අනෙකුත් මූල්‍ය වෙළඳපළවල ද දක්නට ලැබෙන්නේ කැපී පෙනෙන අවගමනයක්.