වී අලෙවි කිරීමට නොහැකිව ගොවීන් අදත් පෝලිමේ

Wednesday, 26 August 2015 - 19:44

%E0%B7%80%E0%B7%93+%E0%B6%85%E0%B6%BD%E0%B7%99%E0%B7%80%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B1%E0%B7%9C%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B7%80+%E0%B6%9C%E0%B7%9C%E0%B7%80%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9D%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A
වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය විධිමත් ලෙස සිදු නොවීම හේතුවෙන් ගොවීන් අපහසුතාවට පත්ව ඇති ආකාරය පිළිබඳ තොරතුරු අද දිනයේදීත් හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තාවුණා.  මාතලේ - විල්ගමුව, අනුරාධපුරය, එප්පාවල යන ප්‍රදේශවල ගොවීන් කියා සිටියේ සහතික මිල යටතේ වී අලෙවි කිරීම සඳහා දින කිහිපයක් තිස්සේ තමන්ට පෝලිම්වල රැඳී සිටීමට සිදුව ඇති බවයි.  

මාතලේ දිස්ත්‍රික්කයේ ගොවීන් සහතික මිලට වී විකුණා ගැනීමට නොහැකිව සිටින බවට හිරු ප්‍රවෘත්ති අංශය ඊයේ දිනයේත් වාර්තා කළා. කෙසේ වෙතත් අද දිනයේ මාධ්‍ය හමුවක් කැඳවමින් මාතලේ දිස්ත්‍රික් ලේකම් නීල් ද අල්විස් කියා සිටියේ ගැටළුවකින් තොරව දිස්ත්‍රික්කයේ වී මිලදී ගැනීමේ කටයුතු මේ වනවිට සිදු කෙරෙන බවයි.

සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න පවසන්නේ වී මිලදී ගැනීම සඳහා ආණ්ඩුවට නිසි වැඩපිළිවෙලක් නොමැති බවයි.

එල්ලවන මෙම චෝදනා පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශය වැඩිදුරටත් කරුණු විමසුවේ වී අලෙවි මණ්ඩලයේ සභාපති එම්.බී. දිසානායකගෙන්. ඔහු කියා සිටියේ පසුගිය කාලයේ සිදුවූ අඩුපාඩු මෙලෙස වී මිලදී ගැනීමේ කටයුතු ක්‍රමානුකූලව සිදුකිරීමට බාධාවක් වී ඇති බවයි. කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ අවධානය මේ සඳහා යොමුවනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවද සභාපතිවරයා කියා සිටියා.