වෙළඳපොලේ සහල් මිල ඉහළ යා නොහැකියි

Monday, 31 August 2015 - 7:24

%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%9A+%E0%B7%83%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B1%E0%B7%9C%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%92
සහල් තොග අතිරික්තව පවතින බැවින් කිසිදු අයුරකින් හෝ වෙළදපළ තුළ සහල් මිල ඉහළ යාමට අවස්ථාවක් නොමැති බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පිළිබඳ පර්යේෂණ ආයතනය පවසනවා. මේ වන විට වෙළදපළේ කෘතිම ලෙස සහල් ඉහළ යාමක් වාර්තා වී ඇති බවයි එම ආයතනය සඳහන් කළේ. හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පිළිබඳ පර්යේෂණායතනය වැඩිදුරටත් සඳහන් කළේ නාඩු කිලෝග්‍රෑමයක් රුපියල් 55ත්, 65ත් අතර මිලකටත්, සම්බා කිලෝග්‍රෑමයක් රුපියල් 70ත්, 80ත් අතර මිලකට වෙළදපළේ අලෙවි වන බවයි. කෙසේ වෙතත්, දැනට පවතින මිලට වඩා සහල් මිල වැඩිවීමේ හැකියාවක් නොමැති බවයි එම ආයතනය පෙන්වා දෙන්නේ.