වී මෙට්‍රික් ටොන් 500ක් මත්තල ගුවන් තොටුපළේ

Sunday, 06 September 2015 - 18:46

%E0%B7%80%E0%B7%93+%E0%B6%B8%E0%B7%99%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A+%E0%B6%A7%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A+500%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BD+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B6%B4%E0%B7%85%E0%B7%9A
මත්තල ගුවන්තොටුපලේ පසුගිය දෙවනදා ආරම්භ කළ වී ගබඩාවේ මේ වනවිට වී මෙටි‍්‍රක් ටොන් 500 කට වැඩි ප්‍රමාණයක් ගබඩා කර ඇති බව වී අලෙවි මණ්ඩලය පවසනවා.

මත්තල ගුවන්තොටුපලේ භාණ්ඩ පර්යන්ත ගබඩාවේ වී ගබඩා කිරීමේ කටයුතු පසුගිය දෙවැනිදා ආරම්භ කළත් අතරමග එය නවතා දැමීමට සිදුවුණේ ප්‍රදේශවාසීන් සහ ගුවන්තොටුපලේ සේවකයන් පිරිසක් වී අස්වනු රැගෙන පැමිණි ලොරි රථ මග නවත්වමින් ඊට විරෝධය පළ කිරීම හේතුවෙන්. කෙසේ වෙතත්, පොලිසියේ මැදිහත්වීමෙන් ඔවුන් විසුරුවා හැරීමට පියවර ගත්තා. පසුව විශේෂ පොලිස් ආරක්ෂාව මධ්‍යයේ මත්තල ගුවන් තොටුපලේ භාණ්ඩ පර්යන්ත ගබඩාවේ වී ගබඩා කිරීම සිදුවීම ද විශේෂත්වයක්.

මේ අතර, යළ කන්නයේ වී නිෂ්පාදනය මෙටි‍්‍රක් ටොන් එක්ලක්ෂ 20,000 ක් වන අතර එයින් දැනටමත් වී මෙටි‍්‍රක් ටොන් 90,000 ක් පමණ මිලදී ගෙන ඇති බවයි සභාපතිවරයා සඳහන් කළේ. මීට අමතරව, අනුරාධපුර, පොළොන්නරුව ආදී දිස්ත්‍රික්කවල පසු අස්වනු මිලදී ගැනීම සඳහා අතිරේක ජංගම වී මිලදී ගැනීමේ රථ ද යොදවා ඇති බවයි වී අලෙවි මණ්ඩලයේ සභාපති එම්.බී දිසානායක වැඩිදුරටත් සඳහන් කළේ.