රුපියල නිසා වෙන හදියක් ?

Sunday, 20 September 2015 - 19:39

%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%BD+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B7%80%E0%B7%99%E0%B6%B1+%E0%B7%84%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%3F
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පහත වැටීම නිසා අත්‍යවශ්‍ය ආහාරද්‍රව්‍ය ඇතුළු ආනයනික භාණ්ඩවල මිල ඉහළ යන බවට සිදුකෙරෙන ප්‍රකාශ පිළිගත නොහැකි බව මහබැංකුව ප්‍රකාශ කළා. එහි නියෝජ්‍ය අධිපති නන්දලාල් වීරසිංහ සදහන් කළේ ශ්‍රී ලංකාව වැඩි වශයෙන් භාණ්ඩ ආනයනය කරන්නේ ඉන්දියාව, චීනය සහ ජපානය යන රටවලින් බවයි.

පසුගිය සිකුරාදා වනවිට ඩොලරයක් සඳහා විනිමය අනුපාතිකය රුපියල් 140 ඉක්මවා පහත වැටුණා. ඒ සමඟ ආනයනික භාණ්ඩ සඳහා දැරිය යුතු පිරිවැය ඉහළ යන බවයි පිටකොටුව වෙළඳ සම්මේලනයේ සභාපති කේ. පලනියන්ඩි හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ. අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ගණන් ද ඉහළ යන බව ප්‍රකාශ කළ ඔහු රුපියලේ අගය පහත වැටීම නිසා තමන් මුහුණදී ඇති දුෂ්කරතා පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මුදල් අමාත්‍යවරයා සමඟ සාකච්ඡාවක් ඉල්ලා ඇති බවද කියා සිටියා.