මේ වසරේ මෙරට තේ අස්වැන්න වසර 03 කින් අවම අගයට පැමිණ තිබෙනවා. අධික වර්ෂාපතනය සහ ලෝක වෙළඳපොලේ තේ මිල පහත වැටීම මෙම තත්ත්වයට බලපා ඇති බවයි විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ. ඔක්තෝම්බර් මාසයේ තේ අස්වැන්න කිලෝග්රෑම් මිලියන 26 යි දශම 7 ක් වූ අතර, එය පසුගිය වසරට වඩා සියයට 5 ක අඩුවීමක්.
ජනවාරි සිට ඔක්තෝම්බර් දක්වා ශ්රී ලංකාව තේ කිලෝග්රෑම් මිලියන 279 යි දශම 8 ක් නිෂ්පාදනය කර තිබෙනවා. එයද පසුගිය වසරට වඩා සියයට 1 යි දශම 1 යි 4 ක පහත වැටීමක් බවයි තේ තැරැව්කාර සමාගම් පෙන්වා දෙන්නේ. විශේෂයෙන් පසුගිය මැයි මාසයේ සිට මෙරට තේ ඵලදාව පහත වැටී තිබෙනවා.