තරු 5 හෝටල් කෑම රුපියල් 500 ට කන්න එන්න

Tuesday, 15 December 2015 - 16:11

%E0%B6%AD%E0%B6%BB%E0%B7%94+5+%E0%B7%84%E0%B7%9D%E0%B6%A7%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%91%E0%B6%B8+%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8A+500+%E0%B6%A7+%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
මෙවර නත්තල් මිහිර විඳ ගැනීමේ අවස්ථාව ජනතාවට වැඩි වශයෙන් උදාකර දීම වෙනුවෙන් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සහ ක්‍රිස්තියානි කටයුතු අමාත්‍යංශය එක්ව සැණකෙළියක් සංවිධාන කර තිබෙනවා.

ලබන 19 වනදා ආකේඩ් නිදහස් චතුරස‍්‍ර පරිශ්‍රයේදී ආරම්භ වන එය 23 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

මෙම සැණකෙළිය නම්කර ඇත්තේ Tourism Fest with the spirit of Christmas නමින්.

මෙහිදී සංචාරකයන් ආකර්ශණය කර ගැනීමේ අරමුණින් විවිධ මාධ්‍ය ඔස්සේ ප්‍රදර්ශණ ගණනාවක් සංවිධාන කර තිබීම ද විශේෂත්වයක්.

මෙරට ප්‍රමුඛතම සංචාරක ආකර්ශණය වන ලාංකීය සංස්කෘතිය තවත් ඔප් නැංවීමේ අරමුණ සහිතව මැණික් සහ ස්වර්ණාභරණ ප්‍රදර්ශණ කුටි / තේ අලෙවි සැල් සහ තේ රස බැලීමේ ස්ථාන / හස්ත කර්මාන්ත ප්‍රදර්ශණ කුටි මෙන්ම මෙරට ප්‍රධාන හෝටල්වල අති දක්ෂ සුපවේදීන් විසින් පිළියෙල කරන මෙරටට ආවේණික සහ විවිධ රටවලට ආවේණික වු ආහාර සාධාරණ මිළකට ලබා ගැනීමට හැකියාව පවතිනවා.

සැණකෙළියට සමගාමීව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සහ වනජීවී දෙපාර්තමේන්තුව විසින් සංවිධාන කරන වන සම්පත මෙන්ම උද්භිද උද්‍යාන පිළිබඳ ප්‍රදර්ශණයක් ද පැවැත්වෙනවා.

තවත් අංගයක් ලෙස නත්තලට අවශ්‍ය භාණ්ඩ පහසු මිළට ලබා ගැනීමේ වෙළඳ කුටි සකසා තිබීම ද සුවිශේෂීයි.

මෙම දිනයන්හිදි ත්‍රිවිධ හමුදාව පොලිසිය පාසල් සහ දේවස්ථානවල ගායක සහ නර්ථන කණ්ඩායම් විසින් ඉදිරිපත් කරන කැරොල් ගීත / සාම්ප්‍රදායික නර්ථන කණ්ඩායම් විසින් ඉදිරිපත් කරන ප්‍රසංගවලින් ද මෙම උළෙල වර්ණවත් කිරිමට නියමිතයි.

තවද කුඩා ළමුන් සදහා වන මුහුණු පාට කිරීම මෙන්ම විවිධ වු ක්‍රිඩා වලින්ද මෙම උලෙල වර්ණවත් වනවා.

සැණකෙළියේ සමාරම්භක උලෙල 2015 දෙසැම්බර් 19 දින අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.