සහනාධාර පොහොර පැරණි මිලට

Tuesday, 05 January 2016 - 14:05

%E0%B7%83%E0%B7%84%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB+%E0%B6%B4%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%BB+%E0%B6%B4%E0%B7%90%E0%B6%BB%E0%B6%AB%E0%B7%92+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B6%A7
පසුගිය කාලයේ සහනාධාර මිලට ගෙන්වන ලද පොහොර වැඩි මිලට මිලදී නොගන්නා ලෙස ගොවීන්ගෙන් ඉල්ලා සිටින බව කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක පවසනවා.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ සහනාධාර මිල යටතේ ගෙන්වන ලද පොහොර වැඩි මිලට විකුණන බවට මේ වන විට පැමිණිලි ලැබී ඇති බවයි.

ඒ අනුව එලෙස වැඩි මිලට පොහොර විකුණන ව්‍යාපාරික ස්ථාන පිළිබදව ළඟම ඇති ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත දැනුම් දෙන ලෙස ද අමාත්‍යවරයා ගොවීන්ගෙන් ඉල්ලා සිටිනවා.

 තහනම් කරන ලද ග්ලයිෆොසෙට් වල් නාශකය ද මෙරට ඇතැම් ව්‍යාපාරික ස්ථානවල විකුණන බවට තොරතුරු ලැබී ඇති බවයි අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ.

ඒ අනුව දැනට තහනම් කර ඇති මෙම වල් නාශකය විකුණන පුද්ගලයන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බව ද ඔහු තවදුරටත් සදහන් කළා.