තේ මිල යළි ඉහළට

Monday, 11 January 2016 - 11:39

%E0%B6%AD%E0%B7%9A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
පහළ ගොස් තිබූ තේ දළු මිල අද වනවිට ස්ථාවර මට්ටමකට පැමිණ ඇති බව ශ්‍රී ලංකා තේ මණ්ඩලය පවසනවා.

විදෙස් වෙළඳපොලේ ශ්‍රී ලංකා තේ සඳහා වැඩි ඉල්ලූමක් ලැබීම මීට හේතුවී ඇති බව සඳහන්.

විවිධ හේතූන් මත පසුගිය කාලය පුරාම තේ දළුවල මිල පහළ ගොස් තිබුණා. කෙසේ වෙතත් මේ වනවිට තේ දළු කිලෝග්‍රෑමයක මිල රුපියල් 60 ඉක්මවා ඇති බවයි තේ මණ්ඩලය සඳහන් කළේ.