ආයෝජකයන් ගෙන්වා ගැනීමට විශේෂ සැලැස්මක්

Monday, 18 January 2016 - 13:37

%E0%B6%86%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
ශ්‍රී ලංකාවට ආයෝජකයන් ගෙන ඒම සඳහා විශේෂ සැලස්මක් සකස් කරන බව සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙලඳ අමාත්‍ය මලික් සමරවික්‍රම පවසනවා.

ඔහු කියා සිටියේ මෙම සැලැස්ම මේ මස අවසන් වීමට පෙර එළිදක්වන බවයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ මේ මස 28 වැනිදා කොළඹ දී ආරම්භ වන නැගෙනහිර ආයෝජන 2016 ජාත්‍යන්තර ආයෝජන ප්‍රවර්ධන සම්මන්ත්‍රණය පිළිබඳ දැනුවත් කිරීමට කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.