එටිහාඩ් ගුවන් සේවයෙන් ලාංකික මගීන්ට පහසුකම් රැසක්

Tuesday, 26 January 2016 - 15:05

%E0%B6%91%E0%B6%A7%E0%B7%92%E0%B7%84%E0%B7%8F%E0%B6%A9%E0%B7%8A+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A+%E0%B6%B8%E0%B6%9C%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%84%E0%B7%83%E0%B7%94%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A%E0%B7%8A
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජාතික ගුවන් සේවාව වන එටිහාඩ් සේවය ලාංකික ගුවන් මගීන්ට විශේෂ පහසුකම් රැසක් ලබාදීමට පියවර ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකාවේ සිට යුරෝපය / උතුරු අමරිකාව / අප්‍රිකාව සහ මැද පෙරදිග රටවලට කොළඹ සිට ගමන් ගන්නා මගීන්ට මෙම පහසුකම් හිමිවනු ඇති.

එම ගුවන් ගමන් සඳහා එටිහාඩ් ගුවන් සේවයේ ටිකට්පත් වෙන්කරවා ගැනීමේ අවස්ථාව අද සිට ලබන 31 වනදා දක්වා හිමිව තිබෙනවා.

එම ටිකට්පත්වලින් පෙබරවාරි 4 වනදා සිට දෙසැම්බර් 10 වනදා දක්වා යුරෝපය / උතුරු අමරිකාව / අප්‍රිකාව සහ මැද පෙරදිග රටවලට ගමන් කිරීමට අවස්ථාව පවතින බවයි එටිහාඩ් ගුවන් සේවය ප්‍රකාශකර ඇත්තේ.

මෙම දීමනා (Business සහ Economy) යන අංශ දෙක සඳහා වලංගු වනවා.

 එටිහාඩ් ගුවන් සේවයේ ශ්‍රී ලංකාවේ සාමාන්‍යාධිකාරී කුමාර් ද සිල්වා ප්‍රකාශ කලේ මෙය එටිහාඩ් ගුවන් සේවය භාවිත කරන ලාංකිකයන්ට ලැබුනු සුවිශේෂී අවස්ථාවක් බවයි.

මෙම ගාස්තු අවස්ථා ප්‍රයෝජනයට ගෙන නවීන එටිහාඩ් ගුවන්යානාවල විශේෂිත වු පහසුකම් ලබාගන්නා ලෙසට ද ඔහු දැනුම් දෙනවා.