තුනී පොලිතින් නීතිය අද (01) සිට අකුරටම

Monday, 01 February 2016 - 7:23

%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%93+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF+%2801%29+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%85%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%B8
තුනී පොලිතින් හෙවත් මයික්‍රෝන 20ට අඩු පොලිතින් භාවිතය තහනම් කිරීමේ නීතිය අද (01) සිට අකුරටම ක්‍රියාත්මක  බව මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා.

ඒ අනුව එම පොලිතින් භාවිතය නිෂ්පාදනය සහ අලෙවිය සිදුකරන වෙළදුන්ට රුපියල් දස දහසක දඩ මුදලක් හෝ වසර දෙකකට නොවැඩි සිර දඩුවම් විදීමට සිදුවනු ඇති බවයි එම අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල් ධර්මසිරි සදහන් කළේ.

තුනී පොලිතීන් හෙවත් මයික්‍රෝන 20 ට අඩු ඝනකමකින් යුත් පොලිතීන් භාවිතය  පසුගිය 01 වනදා සිට තහනම් කෙරුණා. කෙසේ වෙතත් තහනම නිසි පරිදි  ක්‍රියාත්මක වී නැහැ.