අහස උසට ගිය බෝංචි-කැරට්-අමු මිරිස් පහළට

Thursday, 04 February 2016 - 12:34

%E0%B6%85%E0%B7%84%E0%B7%83+%E0%B6%8B%E0%B7%83%E0%B6%A7+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%B6%E0%B7%9D%E0%B6%82%E0%B6%A0%E0%B7%92-%E0%B6%9A%E0%B7%90%E0%B6%BB%E0%B6%A7%E0%B7%8A-%E0%B6%85%E0%B6%B8%E0%B7%94+%E0%B6%B8%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%84%E0%B7%85%E0%B6%A7
පසුගිය කාලයේ ඉහළ මිලකට අලෙවි වූ එළවළු වර්ග කිහිපයක මිල මේ වනවිට පහළ බැස තිබෙනවා.

ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරන භාරය කියා සිටියේ බෝංචි, කැරට්, අමු මිරිස් සහ දෙහි ආදී ඉහළ මිලකට අලෙවි වූ එළවළු වර්ගවල මිල මේ වනවිට සීග්‍ර  ලෙස පහළ බැස ඇති බවයි.

බෝංචි කිලෝවක තොග මිල පසුගිය කාලසීමාවේදී වාර්තාවූයේ රුපියල් 200 ක මිලකටයි.

එහෙත් අද වනවිට එය රුපියල් 80 ත් 100 ත් අතර මිලක් දක්වා පහත බැස තිබෙනවා.

එමෙන්ම රුපියල් දහසකට අලෙවි වූ අමුමිරිස් කිලෝග්‍රෑමයක තොග මිල අද වනවිට රුපියල් 140 ත් 160 ත් අතර මිලකටයි.