බොරතෙල් මිල ඉහළට

Friday, 05 February 2016 - 13:51

%E0%B6%B6%E0%B7%9C%E0%B6%BB%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
චීනය ඇතුළු ආසියානු කලාපයේ රටවල් ලූනා නව වසර සැමරීමට සැරසෙද්දී ලෝක වෙළඳපොලේ තෙල් මිල තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.

ආසියානු වෙළඳපොලේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල අද (05) සටහන් වන්නේ ඇමරිකානු ඩොලර් 34 යි ශත 67 ක් ලෙසයි.

ඇමරිකානු බොරතෙල් බැරලයක් ද ඩොලර් 31 යි ශත 89 දක්වා ඉහළ ගියා. මේ වසර ආරම්භයේ සිට ලෝක වෙළඳපොලේ තෙල් මිල විචලනය වෙමින් පවතින අතර, මීට සති කිහිපයකට පෙර තෙල් බැරලයක මිල ඩොලර් 29 දක්වා පහත වැටුණා.

තෙල් මිල දැන් යම් ප්‍රමාණයකට ප්‍රකෘතිමත් වී ඇතත් තවදුරටත් පවතින්නේ සාපේක්ෂව පහළ මට්ටමකයි.

තෙල් මිල පහත වැටීම හේතුවෙන් ප්‍රධාන පෙලේ තෙල් සමාගම්වල ආදායම් පසුගිය වසරට වඩා සියයට 80 කින් පමණ පහත වැටී තිබෙනවා.


රුපියල ශක්තිමත් වෙයි
Tuesday, 07 July 2020 - 8:41

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ශක්තිමත්වීමක් ඊයේ... Read More

රන් මිල තවදුරටත් ඉහළට
Sunday, 05 July 2020 - 8:19

කොවිඩ් 19 ගෝලීය වසංගතය හේතුවෙන් ලොව පුරා පවතින ආර්ථික අස්ථාවර... Read More

පීඩාවට පත් ව්‍යාපාර 20,000 කට රුපියල් බිලියන 53 ක්
Saturday, 04 July 2020 - 19:53

කොරෝනා වසංගතයෙන් පීඩාවට පත් ව්‍යාපාර 20,240 කට සෞභාග්‍යා කොවිඩි... Read More