තෙල් මිල ඉහළට

Saturday, 13 February 2016 - 12:28

%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
තෙල් අපනයනය කරන රටවල සංවිධානය හෙවත් ඔපෙක් සංවිධානයේ රටවල් සිය නිෂ්පාදනය කපා හැරිම පිළිබඳව සලකා බැලීමත් සමග ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඊයේ (12) කැපී පෙනෙන ලෙස ඉහළ ගියා.

බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් මිල ඊයේ දිනයේදී ඩොලර් 3 යි ශත 30 කින් එනම් සියයට 12 කින් පමණ ඉහළ ගිය අතර, බැරලයක මිල සටහන් වූයේ ඩොලර් 33 යි ශත 36 ක් ලෙසයි.

ඊට පෙර බ්‍රහස්පතින්දා දිනයේදී බොරතෙල් මිල ඩොලර් 26 යි ශත 5 ක් දක්වා පහත වැටුණා.

ඒ වසර 12 කින් අවම තෙල් මිල සලකුණු කරමින්.

ඇමරිකානු බොරතෙල් බැරලයක මිල ද බ්‍රහස්පතින්දා ඩොලර් 29 යි ශත 44 දක්වා පහත වැටුණු අතර, එය 2009 වසරෙන් පසු දිනක වැඩිම මිල පහත වැටීම සලකුණු කළා.

කෙසේ නමුත්, ඊයේ දිනයේදී තෙල් මිල ඉහළ යාමත් සමග ලොව පුරා කොටස් වෙළඳපොල ප්‍රකෘතිමත්වීමක් ද දක්නට ලැබුණා.


ආනයන වියදම පහතට
Tuesday, 14 July 2020 - 13:53

මේ වසරේ මැයි මාසයේදී මෙරට වෙළඳ භාණ්ඩ ආනයන වියදම ඇමරිකානු... Read More

කොටස් වෙළඳපොළ පහළට
Monday, 13 July 2020 - 20:19

අද දිනයේ ඩොලරයට සාපේක්ෂව රුපියල තවදුරටත් ස්ථාවර වූ අතර, කොටස්... Read More

පුනරුද ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මකයි
Friday, 10 July 2020 - 19:28

කොරෝනා වසංගතයෙන් පීඩාවට පත් ව්‍යාපාර 22,306 කට සෞභාග්‍යා කොවිඩ්... Read More