නැගෙනහිර මුහුදේ තෙල් කැණීමට යයි

Sunday, 14 February 2016 - 14:23

%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%84%E0%B7%92%E0%B6%BB+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%9A+%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%90%E0%B6%AB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
මෙරට නැගෙනහිර මුහුදේ තෙල් සහ ඛනිජ තෙල් ස්වභාවික වායු ගවේෂනය සඳහා ප්‍රංශයේ ටූටාල් සමාගම සමඟ ශ්‍රී ලංකාව ලබන සතියේ ගිවිසුමකට එළඹෙනවා.

ඒ අනුව එම සමාගම ලබන අප්‍රේල් හෝ මැයි මාසයේ මෙරට නැගෙනහිර වෙරළතීරයට ඔබ්බෙන් වූ මුහුදේ ගවේෂණ කටයුතු ආරම්භ කරනු ඇති.

අදාළ ගිවිසුම සඳහා ඛනිජතෙල් සම්පත් සංවර්ධන ලේකම් කාර්යාලයට අමාත්‍ය මණ්ඩල අනුමැතියද හිමිවී තිබෙනවා.

තෙල් සහ ස්වභාවික වායු ගවේෂණ කටයුතු සඳහා නැගෙනහිර මුහුදේ භූ විද්‍යාත්මක දත්ත ලබාගැනීමට ටූටාල් සමාගම මූලික වශයෙන් ඩොලර් මිලියන 10 ක් ආයෝජනය කරනු ඇති.

මන්නාරම් මුහුදේ සොයාගැනුනු ස්වභාවික වායු සංචිත සංවර්ධනය කිරීම සඳහා ද ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය අලෙවි ප්‍රවර්ධන වැඩසටහනක් දියත් කිරීමට නියමිතයි.


අයවැය හිඟය විශාල ලෙස පුළුල්වන බවට පළවන වාර්තා මහ බැංකුව ප්‍රතික්ෂේප කරයි
Sunday, 02 August 2020 - 9:28

මේ වසරේ මෙරට දළ දේශීය නිෂ්පාදිතය සංකෝචනය වන බවට සහ අයවැය හිඟය... Read More

ජූලි මාසයේ උද්ධමනය ඉහළට
Saturday, 01 August 2020 - 20:01

පසුගිය ජූලි මාසයේ මෙරට වාර්ෂික උද්ධමනය සියයට 4. 8 දක්වා සුළු... Read More

කොළඹ කොටස් වෙළඳපොළ වර්ධනයක්
Saturday, 01 August 2020 - 7:48

කොළඹ කොටස් වෙළදපොළේ මිල දර්ශක ඊයේ නැවතත් වර්ධනයක් පෙන්නුම්... Read More