ශ්‍රී ලංකාව නැවතත් සේද මාවතට

Tuesday, 16 February 2016 - 9:46

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%B1%E0%B7%90%E0%B7%80%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%9A%E0%B6%AF+%E0%B6%B8%E0%B7%8F%E0%B7%80%E0%B6%AD%E0%B6%A7
නතර වී තිබූ කොළඹ වරාය නගර ව්‍යාපෘතිය නව කොන්දේසි යටතේ නැවත ආරම්භ කිරීමත් සමඟ ශ්‍රී ලංකාව නැවතත් චීනයේ නාවික සේද මාර්ගයට එක්වන බව ඉන්දියාවේ හින්දු පුවත්පත පවසනවා. එමගින් පෙන්වා දෙන්නේ උතුරු අප්‍රිකාවේ වැදගත් සාමුද්‍රික මධ්‍යස්ථානයක් වන ජිබුටි සහ ශ්‍රී ලංකාව සහ මියන්මාරය හරහා නව සේද මාර්ගය ක්‍රියාත්මක වනු ඇති බවයි.

චීනය පසුගිය දා ජිබුටි රාජ්‍යයේ නාවික පහසුකම් ඇති කිරීමට එක්වූයේ එය තවත් සිංගප්පූරුවක් බවට පත් කරන බව පවසමින්.

ඉන්දීය සාගරය, රතු මුහුද සහ සූවස් ඇල යා කරන නෞකා මාර්ගයක වැටී ඇත්තේ අප්‍රිකානු අඟ ප්‍රදේශයේ පිහිටි ජිබුටි රාජ්‍යය හරහායි. ශ්‍රී ලංකාවේ සහ මියන්මාරයේ වරාය සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ ද චීනයේ මූල්‍යාධාර මගින්.

අග්නිදිග ආසියාවේ නාවික සේද මාවත මියන්මාරය හරහා වැටී තිබෙනවා. හම්බන්තොට වරාය ව්‍යාපෘති සම්පූර්ණවීමත් සමඟ එය චීන සාමුද්‍රික සේද මාර්ගයේ වැදගත් සංදිස්ථානයක් වනු ඇති බවයි හින්දු පුවත්පත සදහන් කළේ.


ආනයන වියදම පහතට
Tuesday, 14 July 2020 - 13:53

මේ වසරේ මැයි මාසයේදී මෙරට වෙළඳ භාණ්ඩ ආනයන වියදම ඇමරිකානු... Read More

කොටස් වෙළඳපොළ පහළට
Monday, 13 July 2020 - 20:19

අද දිනයේ ඩොලරයට සාපේක්ෂව රුපියල තවදුරටත් ස්ථාවර වූ අතර, කොටස්... Read More

පුනරුද ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මකයි
Friday, 10 July 2020 - 19:28

කොරෝනා වසංගතයෙන් පීඩාවට පත් ව්‍යාපාර 22,306 කට සෞභාග්‍යා කොවිඩ්... Read More