ප්‍රංශයේ ටූටාල් ශ්‍රී ලංකාවේ තෙල් ගවේෂණයට

Friday, 19 February 2016 - 7:24

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%82%E0%B7%81%E0%B6%BA%E0%B7%9A+%E0%B6%A7%E0%B7%96%E0%B6%A7%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%80%E0%B7%9A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7
මෙරට නැගෙනහිර වෙරළතීරයට ඔබ්බෙන් වූ මුහුදේ ඛනිජතෙල් සහ ස්වභාවික වායු ගවේෂණය සඳහා ප්‍රංශ සමාගමක් සමග ඊයේ (18) ශ්‍රී ලංකාව ගිවිසුමකට එළඹුනා.

ඒ ලොව විශාලතම ඛනිජ තෙල් සහ ස්වභාවික වායු සමාගම් 6න් 1ක් වන ප්‍රංශයේ ටූටාල් සමාගම සමගයි.

එම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපතිවරයා ද එක්ව සිටියා.

ගිවිසුමට අනුව ප්‍රංශ සමාගමට මෙරට නැගෙනහිර මුුහුදු තීරයේ තෙල් බිම් තීරු දෙකක ගවේෂණ කටයුතු සිදුකළ හැකියි.

මෙලෙස ශ්‍රිී ලංකාවට නැගෙනහිර මුහුදේ තෙල් ගවේෂණ කටයුතු සිදු කෙරෙන්නේ ප්‍රථම වතාවටයි.

ටූටාල් සමාගමට මෙහිදී එම ගවේෂණ කටයුතු සිදුකොට දත්ත එක්රැස් කරමින් තෙල් බිම් තීරු සිතියම් ගත කිරීමට අවසරය හිමිවනවා.

මන්නාරම් බොක්කේ තෙල් ගවේෂණ කටයුතුවලින් ඉන්දීය කෙයාන් සමාගම ඉවත්වීමත් සමඟ ටූටාල් ෂෙල් සහ එක්සොන්මොබිල් සමාගම් ඒ සඳහා අයදුම්කොට තිබුණා.

 


ලං.වි.ම අලාභය රුපියල් මිලියන 90,000 ක්
Thursday, 16 July 2020 - 13:34

ලංකා විදුලිබල මණ්ඩලයේ මෙම වසරේ අලාභය රුපියල් මිලියන 90,000 දක්වා... Read More

ධීවර දෙපාර්තමේන්තුව අවබෝධතා ගිවිසුමකට
Thursday, 16 July 2020 - 8:03

බහුදින ධීවර යාත්‍රාවල මත්ස්‍ය අස්වනු ගබඩා කිරීමේදී, නවීන... Read More

වැල්ලවායේ මාළුමිරිස් ගොවීන් අපහසුතාවයක
Wednesday, 15 July 2020 - 12:57

රෝගී තත්ත්වයක් හේතුවෙන් වැල්ලවාය - තෙලුල්ල ජනපදයේ මාළු මිරිස්... Read More