තෙල් මිලට ඉරානයෙන් යහපත් ප්‍රතිචාර

Thursday, 25 February 2016 - 7:32

%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B6%A7+%E0%B6%89%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%84%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB
සහන මිලට තෙල් ලබාගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව කළ ඉල්ලීමට ඉරාන රජයෙන් යහපත් ප්‍රතිචාර ලැබුණු බව මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසනවා.

මේ සම්බන්ධයෙන් ඉදිරියේදී දෙරට අතර සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි ඔහු කියා සිටියේ.

දිවයිනට පැමිණ සිටින ඉරාන බලශක්ති අමාත්‍යවරයා ඇතුලූ දුත පිරිස සමඟ ඊයේ මුදල් අමාත්‍යාංශයේදී අමාත්‍යවරයා සාකච්ඡාවක් පැවැත්වූවා.

එම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි මුදල් අමාත්‍ය රවී කරුණානායක මේ බව ප්‍රකාශ කළේ.