පොහොර හිඟයක් නෑ

Saturday, 27 February 2016 - 8:37

%E0%B6%B4%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%BB+%E0%B7%84%E0%B7%92%E0%B6%9F%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%91
රට පුරා කිසිදු පොහොර හිගයක් නොමැති බව මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසනවා.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ මුදල් අමාත්‍යාංශයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මේ වන විට ගෙවී යන්නේ වී අස්වනු නෙලන කාලය බැවින් මෙම කාලය තුළ  ගොවින්ට පොහොර අවශ්‍යතාවක් නොමැති බවයි මුදල් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.  

එහෙත් ඇතැම් දේශපාලන බලවේග පොහොර හිඟයක් ඇති බවට පෙන්වීමට උත්සාහ දරණ බව මුදල් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.