ලූණු අස්වනු නෙලීම ඇරඹේ

Sunday, 28 February 2016 - 12:49

%E0%B6%BD%E0%B7%96%E0%B6%AB%E0%B7%94+%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%B1%E0%B7%94+%E0%B6%B1%E0%B7%99%E0%B6%BD%E0%B7%93%E0%B6%B8+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A
හම්බන්තොට මහ ලේවායේ මේ වසරේ ලූණු අස්වනු නෙලීම පසුගියදා ආරම්භ කෙරුණා.

වැසි තත්ත්වය හේතුවෙන් පසුගිය මාස 6 ක පමණ කාලයක් හම්බන්තොට මහ ලේවායේ ලූණු අස්වනු නෙලීමට බාධා ඇතිවුණා.

දැන් හම්බන්තොටට සුපුරුදු දේශගුණ තත්ත්වය ඇතිවීමත් සමඟ ලේවායේ ලූණු මිදීම ආරම්භ වී තිබෙනවා.

 ඒ අනුව ලූණු නෙලීම සුභ මොහොතින් ආරම්භ වූයේ සාම්ප්‍රදායික සිරිත්වලට මුල්තැන දෙමින්.

හම්බන්තොට මහ ලේවායේ වාර්ෂික ලූණු නිෂ්පාදනය මෙටි‍්‍රක් ටොන් 60 000 ක් පමණ වන අතර, පසුගිය වසරේදී එය ටොන් 20 000 දක්වා අඩුවූයේ වැසි කාලය දිගුවීම හේතුවෙන්.

කෙසේ නමුත් මේ වසර මුල් භාගයේදීම ලූණු අස්වනු නෙලීමට හැකිවීම නිසා මේ වසරේ හම්බන්තොට මහ ලේවායේ ලූණු නිෂ්පාදනය ඉහළ යනු ඇතැයි ලංකා ලූණු සමාගමේ සභාපති අයුබ් ඛාන් ප්‍රකාශ කළා.