තෙල් මිල ඉහළ යයි

Tuesday, 08 March 2016 - 12:54

%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ලෝක වෙළඳපළේ බොරතෙල් මිල කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා.

බොරතෙල් බැරලයක මිල අද දිනයේ සටහන් වන්නේ ඇමරිකානු ඩොලර් 40යි ශත 80ක් ලෙසයි.

තෙල් මිල දිනක් තුළ සියයට 5.5කින් ඉහළ ගොස් ඇති අතර, මාස 3කින් ඉහළම තෙල් මිල දැන් සටහන් වනවා.

නිෂ්පාදන අතිරික්තය සහ ඉරානය නැවත වෙළඳපළට පිවිසීමත් සමඟ ලෝක වෙළදපළේ තෙල් මිල විශාල වශයෙන් පහත වැටුණා.

එහෙත් රුසියාව, සෞදි අරාබිය වැනි ප්‍රධාන පෙළේ නිෂ්පාදකයන් තෙල් නිෂ්පාදනය කපා හැරීම පිළිබදව අවධානය යොමු කිරීමත් සමඟයි තෙල් මිල නැවත ඉහළ ගොස් ඇත්තේ.

මේ වසරේ ජනවාරි මාසයේ දක්නට ලැබුණේ 2003 වසරෙන් පසු ලෝක වෙළදපළේ අවම තෙල් මිලයි.