කොළඹ තේ වෙන්දේසියේ මිල ගණන් පහළ මට්ටමක

Wednesday, 09 March 2016 - 7:42

%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%AD%E0%B7%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%9A%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%9C%E0%B6%AB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%84%E0%B7%85+%E0%B6%B8%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B6%B8%E0%B6%9A
කොළඹ තේ වෙන්දේසියේ මිල ගණන් පෙබරවාරි මාසය තුළ වසර දෙකකින් පහළ මට්ටමේ පැවැති බව තැරැව්කාර සමාගම් පවසනවා.

විශේෂයෙන් පහත රට තේ නිෂ්පාදනය පහත වැටීම ඊට ප්‍රධාන හේතුවයි.

මැදපෙරදිග සහ රුසියාව ඇතුළු ප්‍රධාන පෙළේ වෙළඳපළවල පසුබෑම හේතුවෙන් උඩරට තේ සඳහා හිමි වූ මිල ද පෙබරවාරි මාසය තුළ පහළ මට්ටමක පැවතුණා.

පෙබරවාරි මාසයේදී තේ කිලෝග්‍රෑමයක් සඳහා හිමි වූ සාමාන්‍ය මිල රුපියල් 403යි ශත 87ක් වූ අතර එය 2015 වසරේ පෙබරවාරි මාසය හා සසදන විට රුපියල් 14යි ශත 42ක පහත වැටීමක්.