තෙල්, ගෑස් සහ ගුවන් සේවා ගැන බහරේන් රජය සමඟ සාකච්ඡා

Thursday, 10 March 2016 - 7:51

%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%2C+%E0%B6%9C%E0%B7%91%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B6%E0%B7%84%E0%B6%BB%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F
තෙල්, ගෑස් සහ ගුවන් සේවා ක්‍ෂේත්‍රවලට සම්බන්ධ ආයෝජන පිළිබඳව විශේෂ සාකච්ඡාවක් බහරේනයේ රාජකීය කුමරු ෂෙයික් සල්මාන් බින් කලීෆා අල් කලීෆා සහ මුදල් අමාත්‍ය රවී කරුණායක අතර ඊයේ පැවැත්වුණා.

ඒ, මුදල් අමාත්‍යාංශයේදියි.

එහිදී මෙරට තුළ ආයෝජන සිදුකිරීමට ඇති හැකියාව සහ ආයෝජනය කළ හැකි ක්‍ෂේත්‍ර පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබෙනවා.

එමෙන්ම දෙරට අතර ද්විපාර්ශවික වෙළඳ කටයුතු සම්බන්ධයෙන්ද එහිදී අවධානය යොමුවූ බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ.