ලූණු කිලෝවක් රු.90 දක්වා ඉහළට

Thursday, 10 March 2016 - 12:55

%E0%B6%BD%E0%B7%96%E0%B6%AB%E0%B7%94+%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%9D%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B7%94.90+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
ඉල්ලූමට සරිලන සැපයුමක් ලබාදීමට නොහැකිවීම නිසා ලූණු කිලෝවක් රුපියල් 90 දක්වා ඉහළ ගොස් ඇති බව වෙළඳපොල ආරංචි මාර්ග පවසනවා.

මීට මාස කිහිපයකට පමණ පෙර සිට ලූනු නිෂ්පාදනය අඩුවී ඇති බව වාර්තාවුණා.

 ඒ අනුවයි කිලෝවක් රුපියල් 30 කට අලෙවි වූ ලූනු අද වනවිට රුපියල් 90 දක්වා ඉහළ ගොස් ඇත්තේ.

හම්බන්තොට, පුත්තලම ආදී ප්‍රදේශවල ලූණු නිෂ්පාදන කටයුතු අඩාලවීම මීට එක් හේතුවක්.

කෙසේ වෙතත් ලූණු නිෂ්පාදකයින් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ එළඹෙන අලූත් අවුරුදු සමයට පෙර ලූණු නිෂ්පාදනය යථා තත්ත්වයට පත් කිරීමේ හැකියාව පවතින බවයි.