IMF සම්මන්ත්‍රණයකට මුදල් ඇමති ඉන්දියාවට

Friday, 11 March 2016 - 12:28

IMF+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉහළ පෙලේ සම්මන්ත්‍රණයක් ඉන්දියාවේ නවදිල්ලි නුවරදී අද (11) ආරම්භ වනවා.

මේ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මුදල් අමාත්‍ය රවී කරුණානායක එක්වීමට නියමිතයි.

මෙම සමුළුව අනිද්දා දක්වා පැවැත්වෙන අතර, කලාපීය වශයෙන් පවතින ආර්ථික අභියෝග සහ ඒ සඳහා වන විසඳුම් පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇති.

මෙම සමුළුවට ආසියා පැසිෆික් කලාපීය රටවල මුදල් අමාත්‍යවරුන්, මහ බැංකු ප්‍රධානීන් සහ ආර්ථික විද්‍යාඥයින් ඇතුළු 400 කට අධික පිරිසක් එක්වනවා.