අඩු මිලට තෙල් ගන්න අමාත්‍ය අනු කමිටුවක්

Sunday, 13 March 2016 - 13:20

%E0%B6%85%E0%B6%A9%E0%B7%94+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B6%A7+%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B7%94+%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
ලෝක වෙළඳපොලේ පවතින අඩු මිලට තෙල් ලබාගැනීම සඳහා අලූතින් ටෙන්ඩර් කැඳවීමට පියවර ගන්නා ඛනිජ තෙල් හා පෙට්‍රෝලියම් වායු පිළිබඳ අමාත්‍ය චන්දිම වීරක්කොඩි පවසනවා.

එමඟින් ලෝක වෙළඳපොලේ තෙල් මිල අඩුවීමේ වාසිය ජනතාවට ලබාදීමට හැකිවනු ඇති බවයි අමාත්‍යවරයා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

ඒ සඳහා කැබිනට් අනු කමිටුවක්ද පත්කර ඇති අතර, ලබන සතියේ රැස්වන එම කමිටුව මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරනු ඇති බව අමාත්‍යවරයා කියා සිටියා.