අද සිට පාන් මිල අඩුවෙයි

Monday, 14 March 2016 - 7:59

%E0%B6%85%E0%B6%AF+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%85%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
අද සිට සතියක කාලයක් පාරිභෝගික සතිය ලෙස නම් කර තිබෙනවා. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේ මාර්තු 15 වන දිනට ජගත් පාරිභෝගික අයිතිවාසිකම් දිනය යෙදී ඇති බවයි.

ඊට සමගාමීව පාරිභෝගිකයාට විශේෂ සහන ලබාදීමේ වැඩසටහනක් ද ආරම්භ කර තිබෙනවා.

මේ අතර සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය මීට පෙර ප්‍රකාශ කළේ පාරිභෝගික සතියට සමගාමීව අද සිට සතියක කාලය තුළ පමණක් පාන් රාත්තලක මිල රුපියල් 4කින් අඩු කිරීමට කටයුතු කරන බවයි.

කෙසේ වෙතත් තිරිඟු පිටි මිල වැඩිවීමත් සමඟ පාන් රාත්තලක මිල රුපියල් 2යි ශත 50ත් රුපියල් 5ත් අතර අගයකින් වැඩි කිරීම සම්බන්ධයෙන් තීරණය 20 වන දායින් පසුව ගන්නා බවයි බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන් කේ ජයවර්ධන සදහන් කළේ.