හයවැනි ආසියානු සංවර්ධන සමුළුව අද

Friday, 18 March 2016 - 8:35

%E0%B7%84%E0%B6%BA%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%92+%E0%B6%86%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B7%80+%E0%B6%85%E0%B6%AF
හයවැනි ආසියානු සංවර්ධන සමුළුව මුදල් අමාත්‍ය රවී කරුණානායක සහ ආසියානු සංවර්ධන බැංකුවේ උප සභාපති බැම්බැන්ග් සුසන්ටෝනෝගේ ප්‍රධානත්වයෙන් කොළඹදී අද (18) ආරම්භ වනවා.

මෙම සමුළුවට ආසියානු ණය දෙන ආයතන සහ තානාපති කාර්යාල නියෝජිතයන් මෙන්ම රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් ද සහභාගි වීමට නියමිතයි.

ජපානය හා දකුණු කොරියාව යන රටවල යෝජනාවක් අනුව ආසියානු සංවර්ධන සමුළුව 2010 වසරේදී ආරම්භ වුණා.

පසුගිය ආසියානු සංවර්ධන සමුළු කොරියාව, ජපානය, තායිලන්තය හා ඉන්දුනීසියාව යන රටවල පැවති අතර අවසන් සමුළුව 2014 වසරේදී පැවැත්වුණේ වියට්නාමයේදීයි.