කොන්දේසි සකසන්නැයි මුහුදු නිෂ්පාදන අපනයනකරුවන් ඉල්ලයි

Sunday, 20 March 2016 - 9:01

%E0%B6%9A%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%9A%E0%B7%83%E0%B7%92+%E0%B7%83%E0%B6%9A%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%94+%E0%B6%B1%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B6%B1+%E0%B6%85%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B6%B1%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
චීනය සමඟ ඇති කරගැනීමට යෝජිත නිදහස් වෙළඳ ගිවිසුම යටතේ මෙරට මත්ස්‍ය නිෂ්පාදන තීරුබදුවලින් තොරව අපනයනය කිරීම සඳහා කොන්දේසි සකසන්නැයි මුහුදු නිෂ්පාදන අපනයනකරුවන්ගේ සම්මේලනය රජයෙන් ඉල්ලීමක් කරනවා.

මෙරට මත්ස්‍ය නිෂ්පාදන සඳහා විවිධාංගීකරණය වූ වෙළඳපොලක් අවශ්‍ය බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

යුරෝපා සංගමය මගින් මෙරට මත්ස්‍ය නිෂ්පාදන අපනයනය සඳහා පැනවූ තහනම කර්මාන්තයට දැඩි හානිකර ලෙස බලපෑම් ඇති කළා.

කෙසේ නමුත් අදාළ තහනම ඉවත් කරගැනීම සඳහා ශ්‍රී ලාංකික නියෝජිත කණ්ඩායමක් ලබන 30 වනදා බ්‍රසල්ස් බලා පිටත්ව යනවා.

එහෙත් සමස්තයක් ලෙස මෙරට මත්ස්‍ය නිෂ්පාදන අපනයනය සඳහා බහුවිධ වෙළඳපොලක් අවශ්‍ය වනවා.

චීනය මෙරට මත්ස්‍ය නිෂ්පාදන අපනයන සඳහා සියයට 9 ක තීරුබද්දක් අයකරන බවයි අපනයනකරුවන් පෙන්වා දෙන්නේ.

එමෙන්ම අපනයනය කරන මත්ස්‍ය නිෂ්පාදන ටොන් එකක් සඳහා ඩොලර් 50 ක බලපත්‍ර ගාස්තුවක්ද ගෙවිය යුතු වනවා.

මෙම තීරුබදු සහ බලපත්‍ර ගාස්තු ඉවත් කරගත හැකිනම් චීනය මෙරට මත්ස්‍ය නිෂ්පාදන සඳහා වාසිදායක වෙළඳපොලක් වනු ඇති.