කටුනායක ගුවන් තොටුපළ වෙනස් වෙයි

Tuesday, 29 March 2016 - 9:21

%E0%B6%9A%E0%B6%A7%E0%B7%94%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B6%B4%E0%B7%85+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ නව පර්යන්තයක් ඉදිකිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 400ක මූල්‍යාධාරයක් පිරිනැමීමට ජපාන රජය තීරණය කර තිබෙනවා.

ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ඒජන්සිය මගින් එම ණය මුදල පිළිබඳ කොන්දේසි ඊයේ ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

වාර්ෂිකව මගීන් මිලියන 15ක් හැසිරවිය  හැකි ආකාරයෙන් ගුවන් තොටුපළේ ධාරිතාව දෙගුණයක් කිරීමට මෙම ව්‍යාපෘතිය මගින් ඉඩ සැලසෙනු ඇති.

වසර 2020 දී විවෘත කිරීමට නියමිත කටුනායක ගුවන් තොටුපළේ නව පර්යන්තය මගින් සූර්ය බලශක්තිය යොදා ගැනීමට සහ ජලය ප්‍රතිචක්‍රීකරණය කොට භාවිත කිරීමට ද සැලසුම් කර ඇති බවයි ජයිකා ආයතනය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ.

සියයට දශම එකක වාර්ෂික පොළියක් මත ජපානය, ශ්‍රී ලංකාවට ලබාදෙන ඩොලර් මිලියන 400ක මෙම ණය මුදල ගෙවිය යුතු වන්නේ වසර 40කින්.


ඉන්දීය - ශ්‍රී ලංකා වාණිජ මණ්ඩල නියෝජිතයින් අතර සාකච්ඡාවක්
Saturday, 23 May 2020 - 20:00

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර වෙළඳ, ආයෝජන සහ සංචාරක ක්ෂේත්‍රයන්හි... Read More

දඹුල්ලේ එළවළු ගොවීන්ගේ චෝදනාව
Saturday, 23 May 2020 - 13:10

තමන් තවමත් පොහොර හිඟයකට මුහුණ පා සිටින බවට දඹුල්ලේ එළවළු... Read More