ආයෝජන ගිවිසුම් 16 කට අත්සන් කෙරේ

Sunday, 03 April 2016 - 8:31

%E0%B6%86%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1+%E0%B6%9C%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+16+%E0%B6%9A%E0%B6%A7+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
මේ වසරේ ජනවාරි සහ පෙබරවාරි මාස ඇතුළත ආයෝජන මණ්ඩලය නව ව්‍යාපෘති 16 ක් සඳහා ගිවිසුම් අත්සන් කර තිබෙනවා.

එම ආයෝජන ව්‍යාපෘතිවල වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 110 කට ආසන්නයි.

අදාළ ව්‍යාපෘති මගින් නව ඍජු රැකියා අවස්ථා 1250 ක් බිහි කිරීමට අපේක්ෂිතයි.

මෙම ආයෝජන ව්‍යාපෘති අතරට කුඩා විදුලිබල ව්‍යාපෘති 5 ක් ඇතුළත්.

එම ජල විදුලි ව්‍යාපෘති රත්නපුර, හල්දුම්මුල්ල, මාතලේ සහ හාලිඇළ ප්‍රදේශවල ඉදිකිරීමට නියමිතයි.

මෙම කුඩා ජල විදුලි ව්‍යාපෘති මගින් නිපදවන විදුලිය ජාතික විදුලි පද්ධතියට එක් කෙරෙනු ඇති.

මීට අමතරව නව හෝටල් ව්‍යාපෘති, නිවාස සංකීර්ණ ව්‍යාපෘති මෙන්ම ඇඟළුම් කර්මාන්ත ව්‍යාපෘතිවලට අදාළ ගිවිසුම්වලටද, පසුගිය ජනවාරි සහ පෙබරවාරි මාසවලදී ආයෝජන මණ්ඩලය මගින් අත්සන් තබා තිබෙනවා.


කොළඹ කොටස් වෙළඳපොළ පහතට
Friday, 05 June 2020 - 8:16

කොළඹ කොටස් වෙළඳපොළේ මිල දර්ශක ඊයේ දිනයේදී සුළු වශයෙන් පහත... Read More

කොටස් වෙළඳපොල අද පැය දෙකක්
Thursday, 04 June 2020 - 8:47

දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පනවා තිබීම සහ රජයේ... Read More

හෙට දිනයේ සීමිත කාලයකට කොළඹ කොටස් වෙළඳපොල විවෘත වෙයි
Wednesday, 03 June 2020 - 22:18

හෙට දිනයේදී කොළඹ කොටස් වෙළඳපොල කටයුතු සීමිත කාල පරිච්ඡේදයක්... Read More