දේශීය වී සඳහා රුපියල් 60 ක මිලක්

Sunday, 03 April 2016 - 13:22

%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%93%E0%B6%BA+%E0%B7%80%E0%B7%93+%E0%B7%83%E0%B6%B3%E0%B7%84%E0%B7%8F+%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8A+60+%E0%B6%9A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A
වස විස නොමැති දේශීය වී මිලදී ගැනීමේ ජාතික වැඩසටහන අනුරාධපුරය දිස්ත්‍රික්කයෙන්  අද ආරම්භ වුනා.

මෙවර මහ කන්නයේදී අස්වද්දනු ලැබූ දේශීය පාරම්පරික වී කිලෝග්‍රෑමයක් ගොවීන්ගෙන් ලබා ගැනෙන්නේ රුපියල් 60 ක මිලකටයි.

එම වැඩසටහන කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායකගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූයේ මොරවැව - ගෝමරන්කඩවල ප්‍රදේශයේ විහාරස්ථානයක පැවති ජාතික උත්සවයෙන් අනතුරුවයි.

ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන යටතේ අක්කර 15,000 ක පමණ දේශීය පාරම්පරික වී මෙලෙස මිලදී ගැනීමට  කෘෂිකර්ම අමාත්‍යාංශය කටයුතු යොදා තිබෙනවා.

ඒ අනුව කහවනු , සුවදැල්, පච්චපෙරුමාල් ඇතුළු පාරම්පරික වී මිලදී ගැනීම සිදුකෙරෙනු ඇති.


කොටස් වෙළඳපොල අද පැය දෙකක්
Thursday, 04 June 2020 - 8:47

දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පනවා තිබීම සහ රජයේ... Read More

හෙට දිනයේ සීමිත කාලයකට කොළඹ කොටස් වෙළඳපොල විවෘත වෙයි
Wednesday, 03 June 2020 - 22:18

හෙට දිනයේදී කොළඹ කොටස් වෙළඳපොල කටයුතු සීමිත කාල පරිච්ඡේදයක්... Read More

කොටස් වෙළඳපොළ සුළු උච්චාවචනයක්
Wednesday, 03 June 2020 - 8:27

කොළඹ කොටස් වෙළඳපොළේ මිල දර්ශක ඊයේ උච්චාවචනයක් සිදුවුණා. එස්... Read More