IMF කණ්ඩායමක් දිවයිනට

Monday, 04 April 2016 - 13:51

IMF+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදීමට නියමිත ණය මුදල පිළිබදව සාකච්ඡා කිරීම සදහා පස් දෙනෙකුගෙන් සමන්විත එහි නියෝජිත පිරිසක් මේ වනවිට දිවයිනට පැමිණ තිබෙනවා.

ණය මුදල ලබා ගැනීමේදී ශ්‍රී ලංකාව සපුරාලිය යුතු කොන්දේසි සහ එහි ඉදිරි ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීම මෙම නියෝජිත පිරිසේ අරමුණ බව ශ්‍රී ලංකා මහබැංකුව සදහන් කළා.

අයවැය පරතරය අවම කිරීම සහ පොලී අනුපාතික අඩු කිරීම සදහා මූල්‍ය සංචිත වර්ධනය කිරීම මෙම ණය ලබා ගැනීමේ අරමුණයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන හේතුවෙන් ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ ජපාන ජාත්‍යන්තර සහයෝගිතා අරමුදලෙන් ශ්‍රී ලංකාවට ඉදිරියේදී මූල්‍යාධාර හිමිවන බව මහබැංකුව වැඩිදුරටත් ප්‍රකාශ කළා.



හෙට දිනයේ සීමිත කාලයකට කොළඹ කොටස් වෙළඳපොල විවෘත වෙයි
Wednesday, 03 June 2020 - 22:18

හෙට දිනයේදී කොළඹ කොටස් වෙළඳපොල කටයුතු සීමිත කාල පරිච්ඡේදයක්... Read More

කොටස් වෙළඳපොළ සුළු උච්චාවචනයක්
Wednesday, 03 June 2020 - 8:27

කොළඹ කොටස් වෙළඳපොළේ මිල දර්ශක ඊයේ උච්චාවචනයක් සිදුවුණා. එස්... Read More

රුපියල ශක්තිමත් වෙයි
Tuesday, 02 June 2020 - 19:26

මාර්තු මස අවසානයේ සිට අප්‍රේල් 9 දක්වා කාලය තුළ ඇමරිකානු ඩොලරයට... Read More