චීනය අභිබවා ඉන්දීය සංචාරකයින් එයි

Tuesday, 05 April 2016 - 13:46

%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%B6%E0%B7%80%E0%B7%8F+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%91%E0%B6%BA%E0%B7%92
පසුගිය මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව සියයට 22 යි දශම 8 කින් ඉහළ ගොස් ඇති අතර එහිදී චිනය අභිබවා ඉන්දියාවෙන් පැමිණෙන සංචාරකයින්ගේ සංඛ්‍යාව ඉහළ යාම විශේෂත්වයක්.

2015 වසරේදී ඉන්දීය සංචාරක වෙළදපොල අභිබවා චීනයෙන් මෙරටට පැමිණෙන සංචාරකයින්ගේ සංඛ්‍යාව ප්‍රමුඛ ස්ථානයට පැමිණියා.

එහෙත් මේ වසරේ පළමු කාර්තුවේදී ඉන්දියානුවන් 85,624 ක් දිවයිනට පැමිණ ඇති අතර, එම කාලය තුළ මෙරටට පැමිණි චීන ජාතිකයින්ගේ සංඛ්‍යාව 77,914 ක්.

ඉන්දීය මාධ්‍යවලින් ඉහළ ප්‍රසිද්ධියක් ලැබීම නිසා ඉන්දියානුවන් විවාහ මංගල උත්සව සදහා ශ්‍රී ලංකාවට පැමිණීම ද මෙරටට පැමිණෙන ඉන්දියානුවන්ගේ සංඛ්‍යාව ඉහළ යාමට හේතුවක් ලෙස සැලකෙනවා.

එමෙන්ම, ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික සංචාරක වෙළඳපොල වන බටහිර යුරෝපීය සංචාරකයන්ගේ පැමිණීම ද සියයට 30 ත් 40ත් අතර ප්‍රමාණයකින් වර්ධනය වී තිබෙනවා.

 මාර්තු 31 වනදායි අවසන් වූ වසරේ පළමු කාර්තුව තුළ දිවයිනට සංචාරකයන් පන්ලක්ෂ 84,818 ක් පැමිණ ඇති අතර, එය පෙර වසරට සාපේක්ෂව සියයට 22 යි දශම 1 ක වර්ධනයක්.

 


ඉන්දීය - ශ්‍රී ලංකා වාණිජ මණ්ඩල නියෝජිතයින් අතර සාකච්ඡාවක්
Saturday, 23 May 2020 - 20:00

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර වෙළඳ, ආයෝජන සහ සංචාරක ක්ෂේත්‍රයන්හි... Read More

දඹුල්ලේ එළවළු ගොවීන්ගේ චෝදනාව
Saturday, 23 May 2020 - 13:10

තමන් තවමත් පොහොර හිඟයකට මුහුණ පා සිටින බවට දඹුල්ලේ එළවළු... Read More