රාජ්‍ය ආයතන කිහිපයක් ප්‍රතිව්‍යුහගත කිරීමේ තීරණයක්

Monday, 11 April 2016 - 16:34

%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%86%E0%B6%BA%E0%B6%AD%E0%B6%B1+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%94%E0%B7%84%E0%B6%9C%E0%B6%AD+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඇතුලු රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය යටතේ පවතින පාඩු ලබන ඇතැම් රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමට තීරණය කර තිබෙනවා.

විෂය භාර අමාත්‍ය කබීර් හෂීම් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ පසුගිය පාලන සමයේ මෙම ආයතන තුළ සිදුව ඇති වංචා දූෂණ මෙම පාඩු ලැබීම්වලට හේතුවී ඇති බවයි.

මේ අතර මීට පෙර පාඩු ලබමින් පැවති සතොස ආයතනය මේ වනවිට රජයෙන් කිසිදු මූල්‍ය ආධාරයක් ලබා නොගෙන ලාභ ලබන තත්ත්වයට පත් ගැනීමට හැකිවී ඇති බව කර්මාන්ත සහ වානිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ වසර 12 ක කාලයක් වසා තිබුණු උතුරු පළාතේ සතොස ප්‍රාදේශීය තොග ගබඩා සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ එක්වෙමින්.

 

 


ඉන්දීය - ශ්‍රී ලංකා වාණිජ මණ්ඩල නියෝජිතයින් අතර සාකච්ඡාවක්
Saturday, 23 May 2020 - 20:00

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර වෙළඳ, ආයෝජන සහ සංචාරක ක්ෂේත්‍රයන්හි... Read More

දඹුල්ලේ එළවළු ගොවීන්ගේ චෝදනාව
Saturday, 23 May 2020 - 13:10

තමන් තවමත් පොහොර හිඟයකට මුහුණ පා සිටින බවට දඹුල්ලේ එළවළු... Read More