ලෝක බැංකුවේ විශේෂ සැසිවාරය ඇරඹේ

Thursday, 14 April 2016 - 13:02

%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%B6%E0%B7%90%E0%B6%82%E0%B6%9A%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B7%83%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ විශේෂ සැසිවාරයක් වොෂින්ටන් හිදී ආරම්භ වී තිබෙනවා.

මේ මස 17 වනදා දක්වා මෙම සැසිවාරය පැවැත්වෙන අතර, මුදල් අමාත්‍ය රවී කරුණානායක ඇතුලූ පිරිසක් ඊට සහභාගි වීම සදහා වොෂින්ටන් නුවරට ගොස් සිටිනවා.

සාමාජික රටවල් 187 ක නියෝජිතයින් මෙම සැසිවාරය සදහා සහභාගි වනු ඇති.

ශ්‍රී ලංකා නියෝජිත පිරිස සැසිවාරය අතරතුර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකු නියෝජිතයන් සමග සාකච්ඡා කිරීමට ද නියමිතයි.

මෙම ආයතනවලින් ශ්‍රී ලංකාව ණය මුදලක් අපේක්ෂා කෙරෙන අතර මෙරටට පැමිණි විශේෂ නියෝජිත කණ්ඩායම ඒ සම්බන්ධයෙන් දැනටමත් මූලික අනුමැතිය ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර, ජී - 24 රටවල මුදල් අමාත්‍යවරුන්ගේ සැසිවාරය සදහා ද මුදල් අමාත්‍යවරයා ඇතුළු පිරිස එක්වනවා.


ලෝක වෙළඳපොලේ තෙල් මිල පහතට
Sunday, 31 May 2020 - 13:29

ඇමරිකානු - චීන වෙළඳ යුද්ධය යළි කරළියට පැමිණීමත් සමඟ ලෝක වෙළඳපොලේ... Read More

රන් මිල ඉහළට
Sunday, 31 May 2020 - 8:47

ගෝලීය ආර්ථිකයේ අස්ථාවර භාවය සහ වෙළඳ යුද්ධයේ බලපෑම හේතුවෙන්... Read More

මැයි මාසයේ උද්ධමනය තවදුරටත් පහළට - මහබැංකුව
Saturday, 30 May 2020 - 13:20

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය මැයි මාසයේදී... Read More