මේ වසරේ මැයි ජුනි මාස වනවිට ශ්‍රී ලංකාවට කැපී පෙනෙන ලෙස ඍජු විදේශ ආයෝජන ලැබෙනු ඇති බව මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසනවා.
සී එන් බී සී ජාත්‍යන්තර පුවත් සේවාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
‘‘ පසුගිය රජය ඍජු විදේශ ආයෝජන හැසිරවීම සම්බන්ධයෙන් අනුගමනය කළේ වැරදි ප්‍රතිපත්තියක්. ඔවුන් පෞද්ගලික අංශය විසින් කළ යුතු ව්‍යාපෘති සිදුකළේ රජයේ වියදමින්. එහිදී පෞද්ගලික අංශය පසෙකට වීම ස්වභාවිකව සිදුවුණා. දැන් අපි එම තත්ත්වය වෙනස් කර තිබෙනවා. පෞද්ගලික අංශය නැවතත් ඔවුන්ගේ කාර්ය භාරයට යොමු කිරීමට අප පියවර ගනිමින් සිටිනවා. රට තුළට විදේශ ආයෝජන පැමිණීම ආරම්භ වුණා පමණයි. ඇතැම් ඒවා සාකච්ඡා මට්ටමේ පවතින්නේ. මැයි, ජුනි මාස වන විට ඍජු විදේශ ආයෝජන විශාල වශයෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ආර්ථිකයේ වෙළද පරතරයක් පැවතුණත් ගෙවුම් ශේෂ අර්බුදයක් මතු වී නැහැ. විදේශ විනිමය රට තුළට පැමිණීමත් සමඟම එම තත්ත්වය දුරුවේවි.’’