ශ්‍රී ලංකා - ඇමරිකා නව වෙළඳ සැලැස්මක් දියත් කෙරේ

Sunday, 01 May 2016 - 13:50

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+-+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B1%E0%B7%80+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3+%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර ද්විපාර්ශවික වෙළඳාම වර්ධනය කිරීමේ ක්‍රියාකාරී සැලැස්මක් වොෂිංටනයේදී දියත් කෙරුණා.

ඒ එහි පැවති ඇමරිකානු - ශ්‍රී ලංකා වෙළඳ සහ ආයෝජන එකඟතා ගිවිසුම් කවුන්සිලයේ 12 වන රැස්වීමෙන් අනතුරුවයි.

මෙම රැස්වීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය නියෝජනය කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමරිකානු නිත්‍ය නියෝජිතවරිය වන සමන්තා පවර් සහ ඇමරිකානු වෙළඳ නියෝජිත මයිකල් ෆ්‍රෝමන් එක්වූ අතර ශ්‍රී ලංකා දුත පිරිස මෙහෙයවනු ලැබුවේ සංවර්ධන ක්‍රමෝපාය සහ ජාත්‍යන්තර වෙළඳ කටයුතු පිළිබඳ අමාත්‍ය මලික් සමරවික්‍රමයි.

එහිදී ඇමරිකානු වෙළඳ නියෝජිත මයිකල් ෆ්‍රෝමන් කියා සිටියේ පසුගිය වසරේ පැවති ජනාධිපතිවරණයෙන් පසු මෙරට වෙළඳ හා ආයෝජන කටයුතු සඳහා ඇමරිකාවට කැපී පෙනෙන අවස්ථාවක් උදාවූයේ් මෙම රැස්වීමේදී බවයි.

ප්‍රජාතන්ත්‍රවාදය වගවීම සහ මානව හිමිකම් සම්බන්ධයෙන් ප්‍රගතියක් ලැබීම සඳහා ශ්‍රී ලංකාව තවදුරටත් දිරිගන්වන බව ජගත් සංවිධානයේ ඇමරිකානු තානාපතිිනි සමන්තා පවර් කියා සිටියා.

මෙම සමුළුවෙන් අනතුරුව නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයේ දැක්වෙන්නේ ඇමරිකාව සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශවික වෙළඳ සහ ආයෝජන සහයෝගීතාව වර්ධනය කිරීම සඳහා විශාල අවකාශයක් පවතින බවයි.

එමෙන්ම මෙරට වෙළඳ හා ආයෝජන කටයුතු ලෝක මට්ටමට ගෙන ඒම සඳහා ඇමරිකානු සහය එහිදී හිමිවනවා. විශේෂයෙන් අපනයනයේ තරඟකාරීත්වය වැඩිදියුණු කිරීම සහ නව වෙළඳපොල සංවර්ධනය ඒ සඳහා ඉවහල් වනු ඇති.

සේවක අයිතීන් තහවුරු කිරීම සදාචාරාත්මක සහ පරිසර හිතකාමී තිරසාර නිෂ්පාදන ක්‍රියාවලින් ප්‍රවර්ධනය අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ මෙන්ම කාන්තාවන් ඇතුලූ සමාජයේ සියලූ කොටස් ව්‍යාපාරික සහ වෙළඳ කටයුතු සඳහා  එක් කරගැනීම ආදී පියවර තහවුරු කිරීමට මෙම සමුළුවේදී එකඟත්වය පළවී තිබෙනවා.